'ලංකා රොබින්හුඩ්' ලෙසින් හඳුන්වන සූර සරදියෙල් ඝාතනය කර අද (07දාට) වසර 150 ක් සපිරේ.
1864 වසරේ මැයි මස 7 වැනිදා එල්ලා මරා දැමුණු සරදියෙල්ට එල්ල වූ චෝදනා වූයේ මංකොල්ලකෑම් හා මීනීමැරුම් චෝදනාය. රදළ පැළැන්තියේ භාණ්ඩ සොරාගෙන දුගී මිනිසුන් අතර බෙදා දීම නිසා සරදියෙල් ජනයා අතර ජනප්රියව සිටියද ඉංග්රීසි ආණ්ඩුව ඔහුව අත්අඩංගුවට ගැනීමට නිරතුරුව පොලිස් කණ්ඩායම් යෙදවීය.
1964 වසරේ මාර්තු 21 වැනිදා සරදියෙල් හා මම්මලේ මරික්කාර් මාවනැල්ලේ පිහිටි නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔවුහු මහ නුවරට රැගෙන යන ලදහ. එහිදී ඉංග්රීසි ජූරි සභාවක් යටතේ නඩුව විභාග කොට සරදියෙල්ට හා මිතුරාට මරණීය දණ්ඩනය නියම කළේය.
ඡායාරූපය විකිපීඩියා ඇසුරෙනි