මිගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක මුදලයක් අයථා පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා යළි එළැඹෙන 13 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අසනීප තත්වයෙන් සිටින බවට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා පළිගත නොහැකි බව පැවැසීය.