සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙන නිසා එම ආයතනය අහෝසි කර දැනට සයිටම් වෛද්‍ය විදයාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට වෛද්‍ය උපාධිය ලබා ගත හැකි ක්‍රමයක් පිළිබඳව රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව සයිටම් වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය සඳහන් කරයි.
දෙසැම්බර් 31 දින වනවිට සයිටම් අහෝසි කරන බවට හර්ෂ ද සිල්වා කමිටුව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයට පොරොන්දුවක් ලබා දුන්නද, සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ 800 දෙනාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර නැතැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්ෂිත නොකර අනාගතයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සකස් කරමින් අනාගතය පිළිබඳව සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදාගෙන පරීක්ෂණ සිදුකිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද පවසා සිටියේය.
මේ නිසා සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය පීඨවලට ගෙන එම ආයතනය රජයට පවරාගෙන එම ආයතනය තුළදී උපාධිය ලබාදීමට කටයුතු කළ යුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය.