සයිටම් ආයතනය අහෝසි කරන බවට හර්ෂද සිල්වා කමිටුව තීරණය කර තිබෙන නිසා සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසඳය සඳහන් කරයි.
සයිටම් ගැටලු විසඳීම සඳහා වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවල පවා මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ දරුවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබුණත්, මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නොමැති බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ හර්ෂ ද සිල්වා කමිටුව සයිටම් ආයතනය අහෝසි කරන බවට ප්‍රකාශ කළත්, මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනා 800ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා වෛද්‍ය උපාධිය ලබා තිබෙන 80ක් පමණ වූ උපාධිධාරීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිදු යෝජනාවක් සිදුකර නොමැති බවද පවසා සිටියේය.
මේ නිසා ලබන ජනවාරි මාසයට පෙර මාලඹේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත්කරන ලෙසට හෙට (24දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද සඳහන් කළේය.