සයිටම් ආයතනය සමග කිසිදු පුද්ගලික ගනුදෙනුවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී,‘සයිටම්’ ආයනයේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ බවත්, ‘සයිටම්’ ආයතනය පිළිබඳව තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මෙම ප්රශ්නය නිරාකරණය කරන ආකාරය පිළිබඳ යෝජනාවලියක් මා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පිඨාධිපතිවරුන් සමග ලබන බදාදා (15දා) මම සාකච්ඡාවක් පවත්වනවා.
ශිෂ්‍ය සංවිධාන සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා පවත්වනවා. ශිෂ්‍ය මානසිකත්වය පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මනෝරාජිත සිතුවිලිවල එළැඹ ගෙන අනෙකුත් දේශපාලන පක්ෂ සිදුකරන ක්‍රියාවලිය පිළිබඳව ගැටලු තිබෙනවා. මම එම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ බොරදියේ මාළු බෑමෙන් වළකින ලෙසයි” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.