සයිටම් රෝහල පමණක් රජයට පවරා ගැනීමේ සයිටම් සටන තවත් දුරදිග ගෙනියන කාරණයක් බව රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සයිටම් ආයතනය වසා දමන ලෙස ගෙනියන සටන හෙට සිට තවත් උග්රවන බවද එම සංගමයේ සමාජික පේරාදෙණිය වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය සේනානායක මුදියන්සේ මහතා අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.