සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයාට එල්ල කළ වෙඩි තැබීමේ ක්රියාවේ වගකීම සයිටම් ආයතනයට එරෙහිව කටයුතු කරන කණ්ඩායම්වලට පැවරීමේ උත්සාහයක් ආණ්ඩුව ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට පෙර අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ ආකාරයේ උත්සාහයක් ගෙන තිබෙන බවත්, මේ නිසා අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර සිද්ධියට සම්බන්ධ වූවන් වහාම හෙළි කළ යුතු බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ශිෂ්‍ය සංගම්, බහුජන ව්‍යාපාර සයිටම් ආයතනයට එරෙහිව අරගලයක් දියත්කර තිබෙන බවද අද (08දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂ නායකවරයා කියා සිටියේය.