සයිටම් ආයතනය සඳහා උපාධි පිරිනැමීමට අභියාචනාධිකරණය ලබාදුන් තීරණයට සියලුම දෙනාට හිසනැමිය යුතු බව හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
අධිකරණයට යමින් වෛද්‍ය සභාව සිටින නිසා සයිටම් ආයතනයට උපාධිය පිරිනැමිය නොහැකි බවට වෛද්‍ය සභාවේ පැවසිය නොහැකි බවත් වෛද්‍ය සභාවට කළ හැක්කේ අදාළ ආයතනය ප්‍රමිති ගත කිරීම පමණක් බවද එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
අධිකරණ නියෝග ලබාදී තිබෙන නිසා එය ක්‍රියාත්මක කිරීමටත් රජය බැඳී සිටින බවත් සයිටම් රැක ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.