සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් අද (06දා) සවස 6.00 සිට මාරාන්තික උපවාසය ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
මාරාන්තික උපවාසයට එක්වන බවට දෙමව්පියන් 250 දෙනෙකු ලිඛිතව අත්සන් කර කැමැත්ත ලබාදී තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
එහෙත් උපවාසය ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව පවත්වන බැවින් මුල් අවස්ථාවේදී උපවාසයට යොදවා ගන්නේ දෙමවුපියන් 05 දෙනෙකු පමණක් බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙමි සඳහන් කළේය.
ක්‍රමයෙන් අනෙකුත් පිරිසද මාරාන්තික උපවාසයට යොදා ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය. උපවාසය පවත්වන ස්ථානය අද දහවල් 12.00ට ප්‍රකාශයට පත්කරන බවද ඔහු පවසා සිටියේය.