සයිටම් ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට පත්කළ කමිටුව සයිටම් ආයතනයේද සහභාගිත්වයක් අවශ්‍ය බව මාලඹේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල ප්‍රනාන්දු මහතා කියයි.එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නම පුද්ගල කමිටුවක් යළිත් පත්කිරීමට ජනපති ලේකම් කාර්යාලය අද (06දා) කටයුතු කළේය.
සයිටම් ආයතනයට අදාළ පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කිරීම සදහා ජනපතිගේ මැදිහත්වීම අවශ්‍ය බවත් ඒ අනුව කමිටුවට සයිටම් ආයතනයේ නියෝජනයක්ද ලබාදෙන ලෙසත් නෙවිල් ප්‍රනාන්දු මහතා ජනපතිට ලිපියක් යොමුකරමින් පවසයිත.
නව කමිටුවේ නිරීක්ෂකයින් ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඇතුළත් කර ඇති හෙයින් සයිටම් නිල දෙමාපිය සංගමය වන පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කරන ලෙසද ඔහු ජනපතිට යොමුකළ ලිපයේ දැක්වෙයි.