සයිටම් ආයතනය අහෝසි කිරීමට අදාළව තවත් ගැටලු කිහිපයක් විසඳා ගැනීමට තිබෙන බැවින් අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන දිනය තවමත් තීරණය කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. සයිටම් ආයතනය අහෝසි කිරීමට ලිඛිතව පොරොන්දු ලබාදුන්නත්, එම ආයතනයේ ඉගෙනමු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් ඉටුකිරීමට ඇතිකරන ආයතනය සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් බලපාන ආයතනයක් බවට ලිඛිත පොරොන්දුවක් මෙතෙක් ලබා දී නොමැති බව එම සංගමයේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා සඳහන් කළේය.
ඇතිකරන ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වන බවත්, මේ නිසා සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගැටලු අවසන් කළ පසු අදාළ ආයතනය අහෝසි කරන ලෙසට ලිඛිත පොරොන්දුව ලැබිය යුතු බවද සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වසරේ ජනවාරි 31 වන දින සිට පන්ති වර්ජනයක නිරතව සිටී.