සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස මේ මාසය ඇතුළතදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (06දා) පැවසීය.
ඉදිරි දින කිහිපයේදී එයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීමය කටයුතු ගනිමින් සිටින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.