ආණ්ඩුව පවතින තාක්කල් සයිටම් එකට අතතැබිය නොහැකි බවට සයිටම් ප්‍රධානීන් පවසන නිසා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ස්ථාවරය වහාම රටට හෙළිකළ යුතුව ඇතැයි වමේ කේන්ද්‍රය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ප්‍රධානීන් මේ ආකාරයට හයියක් ගෙන කතා කරන්නේ ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ සහයෝගය මෙම ආයතනයට තිබෙන නිසාද යන්න ජනතාවට සැකයක් ඇතිවන බවද එම සංවිධානයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේය.
එහෙත් ජනතාව සඳහන් කරන්නේ සයිටම් රජයට පවරා ගන්නා ලෙස බවත්, මේනිසා ඡන්දය ලබාදුන් 62 ලක්ෂයට ඇහුම්න්දී වහාම සයිටම් රජය සතු කරගත යුතු බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම සඳහන් කළේය.