සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය අපක්ෂපාතී විසඳුමක් ලබාදිය යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍යපීඨ ආචාර්ය මණ්ඩලය අද (7 දා) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එසේම ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියේ ගුණාත්මකභාවය පවත්වාගැනීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ස්වාධීනව කටයුතු කිරීමට රජයක් ලෙස ඉඩ දිය යුතු බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ ගැටලු සඳහා රජය මැදිහත් නොවන්නේ නම් අවුරුදු 20ක කාලය ඇතුළත කිසිඳු වෘත්තීමය ක්‍රියාමාර්ගයකට යොමු නොවුන තම සංගමය ඉදිරියේදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පිවිසිම් බලාපොරොත්තුවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම වෛද්‍ය පීඨ සිසුන්ට පසුගියදා එලල කළ ප්‍රහාරය හෙළා දැකින බවත් එම පහර දීම තුළින් රජයේ ස්ථාවරය පැහැදිලි වන බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන ලදී.