පෞද්ගලික විශ්වවිද්‍යාල හා සයිටම් ආයතනය පිළිබඳව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර සාධාරණය ඉටුකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආගරපතන ප්‍රදේශයේදී අද (09දා) පැවැති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“විශ්වවිද්‍යාල වල සිටින දරුවන්ට කිසිදු අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මම දරුවන්ගේන් ඉල්ලමක් කරනවා පන්ති වර්ජනය කරන්න එපා පන්ති වලට යන්න කියලා. විශ්වවිද්‍යාල වල වෛද්‍ය පීඨයේ ඉන්න දරුවන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.
මේ ප්රශ්නය රජයක් වශයෙන් සාධාරණව විසඳන බවට මම ඉතාම පැහැදිලිව පවසනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිදු ගැටුමක් ඇති කර ගත යුතු නැහැ. මීට වඩා රටවල් අතර ඇතිවන අර්බුදවලදී සාකච්ඡා මාර්ගයෙන් එක මේසයේ වාඩි වෙලා ඒ ප්‍රශ්න විසඳ ගන්නවා.”යැයිද පැවසීය.