මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බවත්, නැවත ඒ සඳහා සිසුන් බඳවා නොගන්නා බවත් සයිටම් පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී රැස්වූ ව්‍යවස්ථා සභාවේදී ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (08දා) මේ බව කීවේය.
එමෙන්ම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේවනවිට අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත අනුව කටයුතු කරන බවද හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
දැනට උපවාසයේ යෙදී සිටින වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් සමග අද (08දා) කළ සාකච්ඡාව සහ වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ සහ අගමැති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසු මෙම ප්‍රකාශය සිදුකරන බවද අමාත්‍යවරයා කීවේය.
ඒ අනුව දැනට උපවාසයේ යෙදී සිටින දෙමාපියන් එය නවතා දමනු ඇති බවත්, විශ්වවිද්‍යාල සිසුන් නැවත විශ්වවිද්‍යාල වෙත වාර්තා කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කීවේය.