සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්යක්ෂ සමීර සේනාරත්න මහතාගේ නිවසට අවි සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදුන් බව පොලීසිය කියයි.
වින්දිත පාර්ශ්වයේ ඉල්ලීම මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. මේ අතර අධ්යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් කණ්ඩායම් තුනක් යටතේ මෙම පරීක්ෂණ සිදුකරයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂණ පවත්වා තිබේ.
මේ අතර අධ්යක්ෂවරයාගේ නිවස අසළ පිහිටි සී.සී.ටී.වී. කැමරා උපයෝගීකරගෙන පරීක්ෂණ පවත්වන බව පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.