සමෘද්ධි පනත වෙනස් කිරීමට තුනෙන් දෙක දෙන්නේ නෑ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධි බැංකු ව්‍යාපාරය මහ බැංකු අධීක්ෂණය යටතට පත්කරන බවට සඳහන් කළත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත මහ බැංකු අධීක්ෂණයට යටත්ව නොමැති බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය අමතමින් අග්‍රාමාත්‍යවරයා සමෘද්ධි බැංකු ව්‍යාපාරය මහ බැංකු අධීක්ෂණයට යටත් කරන බවට පැවසූ අතර, එහි නීතියමය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම පනත වෙනස් කරන්නේ නම් ඒ සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීමට ඉඩ නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“අගමැතිතුමා ප්‍රකාශයක් කළා සමෘද්ධි බැංකු ව්‍යාපාරය ශ්‍රී ලංකා මහ බැංකු අධීක්ෂණයට යටත් කරනවා කියලා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවා තියෙන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත යටතේ. මේ පනත මහ බැංකු අධීක්ෂණයට යටත් කරන්නේ නැහැ කියලා පනතේ තියෙනවා.
ඒ වගේම පනත සම්මත කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන්. මේ පනත වෙනස් කරනවා නම් තුනෙන් දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න අපි කීයටවත් තුනෙන් දෙකක ඡන්දය දෙන්නේ නෑ කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕන.” යැයි ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


