ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන සමුදුර, ඊයේ (3දා) සවස පකිස්ථානය බලා පිටත්ව ගියේය.
පාකිස්තානයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට සමුදුර නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව ගියේය.
සමුදුර පෙබරවාරි 9දා පකිස්ථානයේ කරච්චි ප්‍රදේශයට සේන්දු විමට නියමිතය. මෙම සංචාරය සඳහා නාවික පුද්ගලයින් 186 දෙනෙකු හා මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ පුද්ගලයින් 8 දෙනෙකු සහභාගී විය.
සමුදුර පෙබරවාරි මස 10 වන දින සිට 14 වන දින දක්වා කරච්චි ප්‍රදේශයේ රැඳී සිටීමට නියමිතය.මේ සඳහා රටවල් 21 ක නාවික හමුදාවන් සහභාගි වෙයි.