සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීම හේතුවෙන් ශ්රී ලංකාවේ සමාජ ජාල භාවිත කරන්නන්ගේ මානව හිමිකම කඩ වී තිබෙන බැවින් ඔවුන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කළ බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම තහනම තුළින් නිදහසේ අදහස් ප්රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කරන ජගත් මානව හිමිකම ප්රකාශයේ 14 වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම කඩ වී තිබෙන බවද එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මේ පිළිබඳ ලිඛිතව පැමිණිලි කළ බවද ඔහු පවසා සිටියේය.
මෙරට ජනතාවගෙන් ලක්ෂ 45කට අධික ප්රමාණයක් සමාජ ජාල භාවිත කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.