මහනුවර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව තාවකාලිකව තහනම් කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් හා වයිබර් සේවාවන් තවමත් ක්‍රියාත්මක නොවේ.
රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙම තහනම දින තුනක කාලයක් සඳහා සළකා බැලූ බවයි. අද දිනයේදී එම තහනම ඉවත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළත් අද දිනයේදිත් එය ඒ අයුරින්ම ක්‍රියාත්මක විය.