ෆේස්බුක් සමාජ ජාලයට පිවිසිමට තිබූ බාධකය ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15දා) උපදෙස් ලබාදුන් අතර එම තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පත්වූ අපහසුතාවට රජය කනගාටුවන බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා ෆේ්ස්බුක් ආයතනය අතර අද පැවැති සාකච්ඡාවකින් පසුව එම තහනම වහාම ඉවත් කිරිමට කටයුතු කළේය.
