සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 53.7 ක මුදල් ශ්‍රී ලංකාව හිමිවන අතර, මෙම ණය මුදල වර්ෂ 5 න් ආපසු ගෙවීමේ සහන කාලයක් යටතේ වසර 24 තුළ ගෙවා නිම කළ යුතු බවත්, ඊට අමතරව 2.75% ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකට යටත් වන අතර 0.25% වාර්ෂික ගාස්තුවක් නොයෙදූ ණය ශේෂය මත ගෙවිය යුතු බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් මෙරට නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් කරන ලදී. අත්සන් තැබීම අද (28දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.