වෙළෙඳ පොළේ සහල් මිල ගණන් සලකා බලා, ආනයනික සම්බා සහ නාඩු යන සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය අද තීරණය කර තිබේ.
ඒ අනුව, ආනයනික සම්බා සහල් කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රු.80/- ක්ද, නාඩු සහල් කිලෝ 1ක් සඳහා රු.70/-ක්ද වශයෙන් මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.
මෙය අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.