කඩිනම් හා ස්ථිර දේශපාලන විසඳුමක් සොයා ගැනීමට නොහැකි වීම නිසාම, ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ සමාජීය හා අර්ථික ගැටලුවලට විසඳුම් දීමට නොහැකි වූ යැයි විපක්ෂනායක ආර්. සම්බන්ධයන් මහතා කරන ප්‍රකාශ පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ දශක කිහිපයක් පුරාවට පැවැති ත්‍රස්තවාදී ගැටලුව සම්පූර්ණයෙන්ම මර්දනය කොට නිදහස් ජාතියක් ලෙස ජීවත්වීමට උතුරු නැගෙනහිර ජනතාවට ලබාදුන් අයිතිය උතුරේ ජාතිවාදී දේශපාලකයන්ගේ පටු අරමුණු සපුරාගැනීම වෙනුවෙන් විනාශ කිරීම ගැන තමන් අතිශයින්ම කනගාටුවට පත්වන බවයි.
විපක්ෂනායකවරයා කඩිනම් හා ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයාගැනීමට නොහැකි වීමේ තනි වගකීම බහුතර ශ්‍රී ලාංකේය සිංහල ජාතිය ලෙස දකුණේ දේශපාලනය මතම පැටවීම කෙතරම් සාධාරණ නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.
දශක ගණනාවක් පුරාවට පැවැති ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීමට දකුණේ දේශපාලන පක්ෂ කරන ලද උත්සාහයන් ජාතිවාදය හා අවස්ථාවාදය මත කඩාකප්පල් කිරීමටඇතැම් දමිළ කටයුතු නොකළේ නම් මේ වනවිටත් පවතින ගැටලුවලට සියලු දෙනාටම එකඟ විය හැකි දේශපාලන විසඳුමළඟා කරගැනීමට හැකිව තිබුණු බවයි.
“පසුගිය රජය දශක තුනක බියකරු ත්‍රස්තවාදී ග්රහණයෙන් උතුරු නැගෙනහිර ජනතාව මුදවාගෙන බලහත්කාරයෙන් ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් තරුණ තරුණියන් පැහරගෙන යමින් ඔවුන්ගේ අනාගතය විනාශ කළ යුගයට නිමාව තැබූයේ 12000 අධික අවි අත දැරූ තරුණ තරුණියන් පිරිසකට නැවතත් බලාපොරොත්තු සහගතව සමාජගතව ජීවත්වන්නට අවැසි මූලික අඩිතාලම දැම්මා.
යුද්ධය නිසා විනාශ වී ගිය මහාමාර්ග, දුම්රිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනගමින් අප බලාපොරොත්තු වූයේ උතුරේ ඡන්ද දිනීමට වඩා ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ට පැහැබර අනාගතයකට අවශ්‍ය රැකියා ඇතුළු ඔවුන්ගේ ජීවන මට්ටම නැංවීමට අවශ්‍ය මූලික පහසුකම් ළඟා කරදීමයි. එහෙයින් බලය බෙදාගැනීම කියන කාරණය මත ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.”