තුන්දින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති සමන්තා පවර් මහත්මිය අද (23 දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය කියයි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.