කුරුණෑගලදී ප්‍රහාරයකට ලක්වූ නවක කලාකාරිණී සමනලී ෆොන්සේකා තවමත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය අද දිනයේචී රෝහලින් පිටව යනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ අතර කලාකරුවන්ට පහරදුන් බව කියන පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භකර ඇතැයි පොලිස් ආරංචි කියයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු යටතේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.