අද (08දා) පෙරවරුවේදී ආරම්භ වූ බස්නාහිර පළාත් සභා රැස්වීමට අවශ්‍ය ගණපූර්ණය නොමැතිකමින් රැස්වීම කල් දැමීමට මූලාසනයට සිදුවිය.
මන්ත්‍රීවරුන් 104 දෙනෙකු සභාව නියෝජනය කළද, අද පැවති රැස්වීමට සහභාගි වූයේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු පමණි. ගණපූර්ණය සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 35 දෙනෙකු සිටිය යුතු අතර මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ඌව පළාත් සභා මැතිවරණ කටයුතු සඳහා ගොස් ඇති බව වාර්තා විය.
සභාව පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 කට ආසන්න මුදලක් වෙන්කර තිබූ අතර, මන්ත්‍රීවරුන් නොපැමිණීම නිසා එම මුදල් අපතේ ගියේය.
කෙසේ වෙතත් සභාවේ කටයුතු නැවැත්වීමෙන් පසු පැවැත්වූ තේපැන් සංග්‍රහයට ගණපූර්ණයට වඩා මන්ත්‍රීවරුන් සහභාගි වූ බවද වාර්තාවෙයි.