පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා සිදුකළ ක්‍රියාදාමයට අනුව සභා 340 තුළ අනිවාර්යයෙන්ම කාන්තා නියෝජිතවරියන් දෙදහස් විසිහතකට වැඩි ප්‍රමාණයක් සිටිය යුතු බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බවට මැතිවරණයට පෙර බොහෝ දෙනෙකුගේ මතය වී තිබූ බවත්, එහි පෙරමුණෙහිම සිටියේ එක්සත් ජාතික පක්ෂය බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
ඊයෙ (20දා) පැවැති මාධ්‍ය සාකච්ජාවකදීමේ බව කී ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේඑක්සත් ජාතික පක්ෂය කාන්තා නියෝජනය ඉහළ දැමීමට පෙරමුණගෙන කටයුතු කළද, 25% කාන්තා නියෝජනය ආපස්සට හැරවීම සඳහාද එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටින බවයි.
පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය 25%ක් බවට පත්කරන බවට සිදුකළ ප්‍රකාශවලට අනුව මෙරට මැතිවරණයට අපෙක්ෂිකාවන් 19,500ක් ඉදිරිපත් වී සිටි බවත්, ප්‍රතිශතයක් ලෙස එය සමස්ත අපේක්ෂකයන්ගෙන් 32%ක් බවත් ඔහු සඳහන් කළේය.
මේ නිසා කිසි ලෙසකින් කාන්තා නියෝජන ප්‍රමාණය ආපස්සට හැරවිය නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
සභිකවරියන් 2027 යනු අවම සභික සංඛ්‍යාවක් බවත්, පොදුවේ සභා නියෝජිත ප්‍රමාණයෙන් හතරෙන් එකක් කාන්තාවන් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.