සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (14දා) දින විශ්වවිද්‍යාලයට පැමිණෙන්නැයි උපකුලපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ආචාර්යවරුන් සියලු දෙනාට ලිපි යවා තිබේ.
විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරගනිමින් අධ්‍යයන කටයුතු කරගෙන යාම පිළිබඳවත්, යළි විවෘත කරන දිනය පිළිබඳවත් එහිදී අවධානය යොමුවනු ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.