වත්තල, දංකනත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවෙකු තමාව නිදහස් කරන ලෙස රුපයිල් ලක්ෂ 25ක අල්ලසක් ලබාදීමට තැත්කළ සැකකරුවන දෙදෙනෙක් අද (08දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම අල්ලස ලබා දීමට කටයුතු කොට ඇත්තේ අපරාධය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගර ගත කර තිබෙන වත්තල නගර සභාවේ හිටපු උපනගරාධිපති වන තාහීර් රිෂාන් යන අයයි.
සැකකරු මහර බන්ධනාගාරයේ රිමන්ඩ් කර තිබෙන අතර ඔහුගෙන් ප්‍රකාශක් සටහන් කර ගැනිමට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා බන්ධනාගාරය ගිය විට තමාව නිදහස් කරන ලෙසත් ඒ සඳහා ලක්ෂ ඉල්ලා ඒ සදහා රුපියල් ලක්ෂ 25 ක් ලබා දිය හැකි බවත් පවසා තිබේ.
එසෙම් ඉන් ලක්ෂ 15ක් අද (08දා) ලබා දිය හැකි බවත් ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමට පැමිණිල කර තිබේ.
ඒ අනුව ලක්ෂ 15 ක අල්ලස් ලබා දිමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප්‍රධාන සැකකරුගේ
සහෝදරයන් දෙදෙනෙකු බවටත් අනාවරණය වී තිබේ