තම සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති කිහිපයක් සහාය පළකිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සහ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය වර්ජනයට සහභාගී වන බව දැනුම්දී ඇති බවත් මීට අමතරව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සෞඛ්‍ය සේවයේ තවත් වෘත්තිය සමිති කිහිපයක් වර්ජනය සඳහා සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
ඒ අනුව ලබන සඳුදා දිනයේ පෙරවරු 08 සිට මධ්යහහ්න 12 දක්වා දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.