අනුරාධපුර පූජා භූමියේ ඉදිකරමින් තිබෙන සඳහිරු සෑය ව්‍යාපෘතිය සඳහා විවිධ පුද්ගලයන් ආධාර එකතු කිරීමේ ජාවාරම් ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී තිබෙන බවත්, මෙවැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සඳහිරු සෑය ඉදිකිරීම වෙනුවෙන් ආධාර මුදල් එකතු කරන ලෙසට කිසිදු පුද්ගලයෙකුට සංවිධානයකට අවසර ලබාදී නොමැති බවත්, මේ නිසා ආධාර එකතු කිරීමේ වංචනික කටයුත්තේ යෙදෙන පුද්ගලයන් පිළිබඳව ළඟම පිහිටි පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
යම් පරිත්‍යාගශීලියෙකු හෝ ආයතනයක් සඳහිරු සෑය ඉදිකිරීම සඳහා මුදල් ආධාර කිරීමට කැමැත්තක් දක්වනවා නම් සඳහිරු සෑය භාරයේ ඇති 204-1-001-8-000-4467 දරන ගිණුමට එම මුදල් බැර කරන ලෙසද ඔහු පවසා සිටියේය.