එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදක්වන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් අද (16දා)කැඳවා ඇත. විපක්ෂ නායක කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වෙන බවට දන්වා තිබේ.
සන්ධානය යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊ.පී.ඩී.පී. පක්ෂය හා ජාතික සමගි පෙරමුණ යන පක්ෂවල ව්‍යවස්ථාමය එකමුතුවකි.
එහිදී මතුව ඇති තත්ත්වය සාකච්ඡා කර වැදගත් තීරණ ගැනීමට නියමිතය. එම පක්ෂයේ විධායක සභාව මීට පෙර රැස්වූයේ මීට මාස තුනකට ප්‍රථමය.