එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මැතිවරණවලදී තරග වැදි හිටපු පළාත් පාලන නියෝජිතයන් වැඩි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයකින් තරග කරන බව මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අද (06දා) පැවසීය.
නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන එම නියෝජිතයන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ මූලික පදනම සකස් කර ගන්නා බවද ප්‍රනාන්දු මහතා කීවේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයට විසින් ගෙනගිය වැඩපිළිවෙළ හේතුවෙන් ආණ්ඩුවට මැතිවරණයක් පැවැත්වීමට සිදුව ඇති බවයි.