වසර නවයක් පුරාවට සන්ධාන ආණ්ඩුවට තම හඬ වැදගත් වුවා සේම වර්තමානයේදීත් තම හඬ සන්ධානයට නැතිවම බැරි වී ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒනිසාම මහින්ද රාජපක්ෂ මහතා තම හඬ භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණය සිදුකරන අතර,තමන් ඒපිළිබඳව සතුටු වන බවද හෙතෙම පැවසීය.
“අවුරුදු නවයක් තිස්සේ මගේ හඬ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැදගත් වූවාසේම දැනුත් මගේ හඬ නැතිව බැරි වෙලා. ඒ නිසා තමයි මා වසර ගණනාවකටපෙර කළ ප්‍රකාශයක් නැවත විකාශය කරන්නේ. ජනතාව දන්නවා දැන් මා කියන ප්‍රකාශ සහ පැරණි ප්‍රකාශ ගැන. රාජ්‍ය මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන් ඉහළ බලපෑම් හමුවේ අසරණ වෙලා. මා ඒ අයට අනුකම්පා කරනවා”
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19දා) විහාරමහා දේවි උද්‍යානයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්මේ ලෙස පැවසීය.