යහපාලන එක්සත් ජාතික පෙරමුණ මගින් පූජ්‍ය ඕමල්පේ සෝභිත, අතුරලියේ රතන යන හිමිවරුන් සහ මලික් සමරවික්‍රම, කරු ජයසූරිය, ඩී.එම්. ස්වාමිනාදන්, අනෝමා ගමගේ, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කර ඇති ජාතික ලැයිස්තුව මගින් හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා ඇතුළු නීතීඥවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එහි නායක කුමාර් ගුණරත්නම් මහතා ජාතික ලැයිස්තුවට නම්කර තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවට චන්දිම පීරිස්, උදේනි පීරිස්, ගයාන් විතානගේ, පත්මසිරි හපන්ගම, අරුණ දීපාල්, ගයා බස්නායක, එස්. ක්රිෂ්කුමාර් යන පිරිස ඇතුළත් වෙති.
ජනතා ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 196 දෙනා හැරුණු විට ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාගැනෙන අතර, එසේ තෝරාගන්නා 29 දෙනා එක් එක් පක්ෂ ලබාගන්නා බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව මත තීරණය වේ.
එක්සත් යහපාලන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම්කර ඇති අනෙකුත් පිරිස අතර, කේ.වේලායුදම්, මොහොමඩ් තම්බ් හසන් අලි, අහමඩ් මොහොමඩ් ජමීල්, තිලක් ජනක මාරපන, මහාචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ, නිසාම් කාරියප්පර්, මොහොමඩ් සනුන් අසාද් සාලි, අර්වින් වීරක්කොඩි, රාජා උස්වැටකෙයියාව, විමල් ජයසිරි, සුරනිමල රාජපක්ෂ, වින්ස්ටන් පතිරාජා, සිරිනාල් මෙල්, ඒ. සසිදරන්, යුෂ්ෆ් ලෙබ්බේ, ෂාහුල් හමීඩ්, ක්‍රිෂාන්ත කුරේ, අබ්දුල් රවුෆ් අබ්දුල් හෆීස්, මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්, මොහොමඩ් රවුෆ් මොහොමඩ් සල්මන්, මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා, කේ.යෝගදාස් පංචරත්නම් රාම්, ජී.වී.ගුණරත්න යන පිරිස වෙති.
ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තුව සඳහා හිටපු විගණකාධිපතිවරයාට අමතරව අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය, උපුල් කුමාරප්පෙරුම, මහාචාර්ය ඒ.ජේ.රුහුණුහේවා, චාල්ස් දයානන්ද, ආචාර්ය කේ.එස්.චන්ද්‍ර‘බෝස්, මහාචාර්ය සුසිරිපාල මානවඩු, මහාචාර්ය කපිල පෙරේරා, මහාචාර්ය පියදාස රණසිංහ, ආචාර්ය ජනක් කුමාරසිංහ, අල්හාජ් මොහොමඩ් ඉබ්‍රහිම්, එස්.සජීව චාමිකර, එස්.ඇන්තනී ජීවා, විනී හෙට්ටිගොඩ, නයෝමි ප්‍රියන්ති රත්නායක, අරුන් හේමචන්ද්‍ර, සරණපාල ජයසූරිය, අනුරුද්ධ ජයසිංහ, අනුර ශ්‍රීනාත්, ආචාර්ය ජිනසේන හේවගේ, විමලසිරි පුංචිහේවා, එස්.එෆ්.හිස්බ් මව්ලානා, පී.ඩබ්.රෝහිණි බණ්ඩාර, මංජුල සමරසේකර, ධම්මික කුමුදු ෆොන්සේකා, මහින්ද තෙන්නකෝන්, කාන්ති පුෂ්පලතා, එස්.ජී.කේ.ඇන්තනි ජයසිරි, ජානක අධිකාරී යන පිරිස නම්කර තිබේ.