සන්ධානය යනු බැටලු හම පොරවාගත් වෘකයෙක් බවත් රටේ මානව සබඳතා බිඳීමට සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“රටේ පිළිගත් සාරධර්ම, යහගුණ, මානව සබදතා සියල්ල බිද දමමින් බලය සදහා ඕනෑම දූෂිත කාර්යයකට කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩය සූදානම් බවත්, යහපාලනය යනු ඔවුනගේ විෂය නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු බැටළුහම් පොරවාගත් වෘකයෙකු බවත් ඉතාම පැහැදිලිය” යනුවෙන්ද එම නිවේදනයේ දැක්වෙයි.