පළාත් පාලන ආයතන මැතිවරණය කල් නොදමන ලෙස ඉල්ලා දෙසැම්බර් (04දා) අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර පිරිස් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, එය කඩිනමින් පවත්වා ගැනීමට වැඩිම උනන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු පවසා සිටියේය.
සීමා නිර්ණය සම්බන්ධයෙන් සිදුවන අධිකරණ කටයුත්තේදී කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කළේය.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එකතු කරගෙන ඉදිරි මැතිවරණයට සහභාගී විය යුතු බවට ඊයේ (22දා) රාත්‍රි‘යේ පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය වූ බවද පවසා සිටියේය.
කණ්ඩායම් දෙකක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට සිදුවන දේ මැතිවරණයෙන් පසු දැන ගැනීමට හැකි බවත්, එහෙත් එකතු වී ඉදිරිපත් වූවහොත් ජයග්‍රහණය විජයග්රහණයක් බවට පත්කරගත හැකි බවද අමාතළ්යවරයා සඳහන් කළේය.