පසුගියදා නිල කාලය අවසන්වූ බෙන්තොට ප්රාදේශීය සභාවේ පාලක පක්ෂයේ හිටපු එ .ජ.නි.ස.උප.සභාපති රන්ජිත් ශ්රී ලාල් වික්රමසිංහ මහතා මෙවර මහා මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජයග්රණය සඳහා එම පෙරමුණට එක්වී සිටී.
දින කීපයකට පෙර මෙවර මැතිවරණ සන්ධාන අපේක්ෂිකා බෙන්තර ඇල්පිටිය ශ්රී.ල.නි.ප.සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මියට සහය පල කිරීමට පැවති බෙන්තොට ශ්රී.ල.නි.ප බල මණ්ඩල රැස්වීමටද එක්ව සිටි වික්රමසිංහ මහතා ගාල්ල දිසා එ .ජා.පෙ අපේක්ෂකයන් වන වජිර අබේවර්ධන හා අජන්ත සොයිසා යන මහත්වරුන්ගේ ජයග්රහණය සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය ඉඳුරුවේ නිවසේදී ඊයේ 7 රාත්රියේදී ජන හමුවක් සංවිධානය කොට තිබිණි.
එම අපේක්ෂකයන්ගේ ප්රධානත්වයෙන් පවතී එම හමුවේදී වික්රමසිංහ මහතා තමා මෙවර එ .ජා.පෙ ජයග්රහණය සඳහා කැපවෙන බව පැවසීය.
බෙන්තොට ප්රාදේශීය සභාවේ හිටපු එ .ජා.ප.සභාපතිවරයෙකුද වූ ඒ මහතා ඉකුත් බෙන්තොට ප්රාදේශීය සභා මැතිවරණයේදී එ .ජ.නි.ස.ට එක්වී තරග කොට වැඩිම මනාප ලබගත්තත් සභාපති තනතුර ඔහුට ලබා නොදී දෙවන වැඩිම මනාප ගත් අපේක්ෂකයාට ලබා දී තිබිණි.එහිදී ඔහුට හිමි වුයේ උප සභාපති තනතුරයි.
එම හේතුව නිසා තමාට අසාධාරණයක් වුයේ යයි නිතර ප්රකාශ කරමින් සිටි වික්රමසිංහ මහතා මීට ඉහතදී වරක් බෙන්තර ඇල්පිටිය ශ්රී.ල.නි.ප.සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මියගේ කෝපි කෝප්ප ප්රහාරයකටදලක්විය
,තවත් වරක් ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප්රහාරයකින් ඔහුගේ දත් දෙකකට හානි සිදුවිය.
චතුරිකා ජයරත්න