යටිනුවර ප්‍ර‘දේශයේ ඊයේ (27දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්රචාරක රැස්වීමක ජාතික කොඩියට සමාන කොඩි කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙනු දැක එය ඡායාරූපගත කිරීමට ගිය මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් කටයුතු කර තිබේ.
අදාළ සැරසිලි සඳහා එම කොඩි භාවිතය සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුවූ වරදක් බව පවසමින් එම සැරසිලි ඉවත් කරන තුරු අදාළ කොඩි ඡායාරූපගත කළ ඡායාරූප ශිල්පියා ආරක්ෂකයන්ගේ අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇත.
අදාළ ඡායාරූප පුවත්පතේ පළනොකරන ලෙසට එම ආරක්ෂකයන් තර්ජනය කර තිබෙන අතර, අදාළ සැරසිලි ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය‘වේදියා මුදාහැර තිබේ.
මේ පිළිබඳව කළ %අද^ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලීසියට ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. කෙසේ නමුත් අදාළ සැරසිලි ඉවත් කළ පසු ප්රචාරක රැස්වීම ඇමතීමට හිටපු මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ තිබේ. ආරක්ෂකයන්ගේ අත්අඩංගුවට පත් මාධ්‍ය‘වේදියාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ජාතික කොඩියට සමාන කොඩි ප්‍රදර්ශනය කිරීම නිසා එම සැරසිලි ඡායාරූපගත කරන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි. එහිදී ආරක්ෂකයන් තමාගේ උරහිස්වලින් වැරෙන් අල්ලා තද කරගෙන රැගෙන ගොස් වෙනත් ආරක්ෂකයන් පිරිසකට භාරදුන් බවත්, සැරසිලි උත්සව භූමියෙන් ඉවත් කළ පසු තමාව මුදාහැරීමට කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.
ඡායාරූප - ලංකාදීප වෙබ් පිටුව