ඉදිරියේදී එන ඕනෑම ජාතික මැතිවරණයකට මුහුණදීමට හැකිවන පරිදි සන්ධානය ඌව පළාත් සභා මැතිවරණයේදී ඡන්ද පදනම ආරක්ෂා කරගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (21දා) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.ලැබූ ඡන්ද ප්‍රතිඵලය ගැන පක්ෂයක් ලෙස සෑහීමකට පත්වන බවද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
මොනරාගල දිස්ත්‍රික්කයට වඩා බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද අඩුවී තිබුණේ හිටපු මහ ඇමතිවරයා සිටි මොනරාගල වඩා වැඩි ජනතා ආකර්ෂණයක් තිබූ නිසා බවද හෙතෙම පවසා සිටියේය. එසේම බදුල්ල දිස්ත්‍රික්කයට අලුත් මුහුණු ඉදිරිපත් කිරීමට නොහැකි වීමද අවාසි සහගත විදියට බලපෑ බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.