එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමති සංශෝධනයේදී අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවැසීය. එසේම රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප්රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බවද ජනපතවරයා පැවැසීය.