ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා හලාවත හා කුරුණෑගල වැවිලි සමාගම විසින් ලබන සතියේදී පොල්ගෙඩි පන්ලක්ෂ පනස්පන්දහසක් සතොස ආයතනයට ලබාදීමට තීරණය කර තිබේ.
පොල්මිල සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු මාසයකට වරක් මෙම පොල් ප්‍රමාණය ලබාදීමට තීරණය කර තිබෙන අතර, රටේ ජනතාවට පොල් ලබාදීම සඳහා පොල් අපනයනය සීමා කිරීමටද තීරණය කර ඇත.
සතොස ආයතනය හරහා අඩු මුදලකට පොල් ලබාදීම සඳහා මෙම පොල් තොග ලබාදීමට සැලසුම් කර තිබේ.
සාමාන්‍ය වෙළෙඳපොළ තුළ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යමින් තිබෙන හෙයින් එය පාලනය කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.