සම්බා 76යි, සුදුනාඩු 67යි, සුදු කැකුළු 64යි - ඇමති ජොන්ස්ටන් කියයි
සහල් මිල ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබාදීම යටතේ ලංකා සතොස ප්‍රධාන අලෙවි සැල්වලින් පාලන මිලටත් අඩුවෙන් සහල් ලබාදීමට කටයුතු කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ අනුව මේ වනවිට සම්බා සහල් කිලෝවක් රුපියල් 76 ටත්, සුදු නාඩු කිලෝව රුපියල් 67ත්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 64 ටත් ලක් සතොස මගින් මිලදී ගත හැකි බවද ඔහු පවසා සිටියේය.
සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 77 ක් බවත්, එහෙත් ජනතාවට සහන ලබාදීම සඳහා පාලන මිලට වඩා එක් කිලෝවකින් රුපියලක් අඩුවෙනුත්, රුපියල් 68 ක් නියමවී තිබෙන සුදුනාඩු කිලෝවකින් රුපියල් දෙකකුත්, සුදු කැකුළු කිලෝවකින් රුපියල් 4 කුත් අඩුවෙන් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අවශ්‍ය තරම් සහල් තොග ලංකා සතොස සතුව තිබෙන නිසා ව්‍යාජ ආකාරයට රට තුළ සහල් මිල ඉහළ යාමට ඉඩ ලබානොදෙන බවත්, මේනිසා සහල් මිල ඉහළ යාම පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.