ගම්පහ උඩුගම්පොළ සතිපොළ හෙට (12දා) බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයේ විවෘත කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් එම සතිපොළ අද (11දා) විවෘත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කරනු ලැබීය.
එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ප්‍රසන්න රණතුංග මහතාගේ සහෝදරයෙකුද වෙන රුවන් රණතුංග මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.