චාවකච්චේරියෙන් ත්‍රස්තවාදී අවි ආයුධ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සත්‍ය වසන් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
සිවිල් ආරක්ෂක බලකාය මගින් රඹෑව නගරයේ ආරම්භ කරන ලද නිල ඇඳුම් මැසීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමට එක් වෙමින් ලේකම්වරයා මේ බව පැවැසීය.
එසේම පසුගිය මාස මාස තුන තුළ මෙවැනි පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් දහදාහක් පමණ සිදුකළ බව ද කීවේය.
එසේම පොලිස් පරීක්ෂණ වල දී හෝ හමුදා බුද්ධි අංශවල කටයුතු කිරීමේ දී සෑම දෙයක්ම මාධ්‍යයට දිය නොහැකි බවත් දිය හැකි ප්‍රමාණය ප්‍රසිද්ධ කරන බවත් ඔහු කීවේය.
රඹෑව මනුල වික්‍රම