ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ඉදිරිපත් වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රගතියක් තැති බව ජපානය සඳහන් කරයි. ජපානයේ නියෝජ්‍ය අමාත්‍ය සෙයිජි කිහිරා මහතා හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද (04දා) සවස අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදී ජපාන උප ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ජනපති ප්‍රකාශක හ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ අදාළ යෝජනාව විශ්ලේෂණය කිරීමෙන් පසුව ජපානය සිය ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව උප ඇමතිවරයා පැවැසූ බවයි.
මෙහිදී ජනපතිවරයා උප ඇමතිවරයාට පවසා ඇත්තේ එම සත්‍ය ලොවටම ප්‍රකාශ කරන ලෙසයි. එසේම අදාළ යෝජනාවලිය ගෙන ආ පාර්ශ්ව සඳහන් කරන ජාත්‍යන්තර පරීක්ෂණය හැර අන් සෑම දෙයක්ම රජය ඉටුකරමින් තිබෙන බවද ජනපතිවරයා, උප ඇමතිවරයාට පැහැදිලි කර තිබේ.
මෙහිදී තව දුරටත් අදහස් දක්වූ ජපාන උප අමාත්‍ය කිහිරා මහතා පැවසා ඇත්තේ අන්තර්ජාතික වේදිකාවේදී ජපානයේ සහාය අඛණ්ඩවම ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි.
ජපානය ශ්‍රී ලංකාවේි සමීප මිතුරෙක් බවත් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ආයෝජනය කර ඇති රට ජපානය වන බවත් ජනපතිවරයා, උප ඇමතිවරයාට වැඩිදුරටත් පවසා ඇත.