සත්ත්ව බිලි පූජා පවත්වන්නේ නම් ඒ සඳහා අදාළ පළාත් සභාවෙන් අවසර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03 දා) තහවුරු කළේය.හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජා පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයද එලෙස තීරණය කළේය.
මුන්නේශ්වරම් භද්‍රකාලි කෝවිලේ භාරකාර මණ්ඩලය ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.