ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරා ගත කර සිටින හිටපු සන්ධාන මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදීමට එරෙහිව විරෝධතා ඇත්නම් මේ මස 16 වැනිදාට අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට අද (07දා) පැවැසීය.
සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිද ඔහුට ඇප දෙන්නැයි ඉල්ලමින් ඇප ඇයැදුමක් කොළඹ මහාධිකරණයට යොමුකොට තිබේ.